රුපියල් එක් කෝටි 60 ලක්ෂයකට ආසන්න වටිනා හොරෙයින් මත්කුඩු තොගයක් සමග අඹු සැමි යුවලක් අත්තිඩිය නිවසක දී ඊයේ 23 රාත්‍රී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. සැකකරු දෙහිවල ගල්කිස්ස නගර සභාවේ කම්කරු සේවකයෙකි
එම සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 45ක් හා සැකකාරිය සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 810 ක්,විද්‍යුත් තරාදියක්,මත්කුඩු පැකට් කිරීම සඳහා සදහා යොදා ගන්නා හැන්දක්,ජාවාරමෙන් උපයා ගත් බව කියන රුපියල් 41000 මුදලක් ඇතුළු උපකරණ රැසක් සමඟ මත් කුඩු පැකට් කිරීමට යොදා ගත් කුඩා කොළ කැබලි තොගයක් ද පොලිසිය බාරයට ගෙන ඇත
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතා ගේ සෘජු අධීක්ෂණය යටතේ සිදු කළ දීර්ඝ විමර්ශනයකදී උප පොලිස් පරීක්ෂක චානක නිලධාරියාට ලද තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇත
වැටලීම සිදුකරන අවස්ථාවේ දී අඹුසැමි යුවළ නිවස තුළ මත්කුඩු පැකට් කරමින් සිටි බවත් පොලිසිය කියයි
මේ වන විට බූස්ස බන්ධනාගාරය රඳවා සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මර්වින් ජානා නැමැත්තාගේ අනියම් බිරිඳ වන රුසියාවේ පදිංචි දිලිනි නැමැත්තියට මෙම මත්කුඩු තොගය අයිතිබව සැකකාර අඹුසැමි යුවළගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී අනාවරණ වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර අඹුසැමි යුවළ ලැබෙන මත්කුඩු පැකට් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස සිය නිවස වසර කිහිපයක සිට පවත්වාගෙන ගොස් තිබූ අතර පැකට් කරන ලද මත්කුඩු ගල්කිස්ස, පිලියන්දල, මොරටුව පානදුර ආදී ප්‍රදේශ වලට බෙදා හැර ඇති බව පොලීසිය කියයි
"ෆේස්බුක් ලාංඡනය" සහිත කුඩා ප්‍රමාණයේ මුද්දර සහිත කොල මත්කුඩු පැකට් කිරීම සඳහා යොදාගෙන තිබූ බවත් වැටලීම සිදුකළ පොලිස් නිලධාරියකු පැවැසීය අත්අඩංගුවට ගත් සැකකාර අඹුසැමි යුවළ වයස අවුරුදු 35 හා 37 අතර පසුවන්නන් බවත් පොලිසිය කියයි
සැකකාර අඹුසැමි යුවළ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් මත,ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතා මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ උප පොලිස් පරීක්ෂක නිල්, චානක,පොලිස් සැරයන්වරුන් වන 8397
ජයවර්ධන 53810 අජිත් පොලිස් කොස්තාපල්වරුන් වන 85557 වීරසිංහ90027 විතාරණ,කාන්තා පොලිස් කොස්තාපල් 12995 ශකිලා මහත්ම මහත්මීහු වැටලීම සිදුකළහ