රුපියල් එක් කෝටි පනස් පන් ලක්ෂ හැට දහසක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශීය ගුවන් මගියෙකු 09/24 දින අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු 36 හැවිරිදි ඉන්දීය ජාතික ගුවන් මගියෙකි. මොහු මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන , ඉන්දියාවේ බැංගලෝර් නුවර වෙත පැමිණ , එතැන් සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ - 1183 දරන ගුවන් යානයෙන් 09/24 දින අලුයම 12.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ ඇසුරුම් 03 ක් ලෙස සකස් කර , මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 556 ක ප්‍රමාණය සගවා ගෙන තිබුණ.
මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ " කුෂ්" මත්ද්‍රව්‍ය තොගය 09/24 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .
