දිවුලපැලැස්ස කලු ගල් ව්යාපාරික වැඩබිමක් තුළ ගබඩාකර තිබූ රුපියල් ලක්ෂ 13ක් පමණ වටිනා ඩීසල් ලීටර් 3000ක් පමණ සොරකම් කළ තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අවුරුදු 18 හා 24 වයස්හි පසුවන අතර ඔවුන් සන්තකයේ තිබූ ඩීසල ලීටර් 30 බැගින් අඩංගු කැන් 03ක් හා යතුරු පැදියක් හා ඩීසල් විකණා ලබාගත් බවට සැකකරන රුපියල් 15000ක් ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අද මහියංගණය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.