රුපියල් දොලොස් කෝටි විසි ලක්ෂයක් වටිනා " කුෂ් " නැමැති ගංජා කිලෝ ග්‍රෑම් 18 බරැති තොගයක් කැනඩාවේ සිට ත්‍යාග ලෙස සදහන් කරමින්, ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි ලිපිනයකට එවා තිබියදී පෑලියගොඩ මිඩ්කෝ ගුදම් බඩු ගබඩාවේ සේවය කරන රේගු නිලධාරීන් පිරිසක් විසින් 10/06 දින සවස අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
මෙම පෙට්ටි තුන කැනඩාවේ සිට භාණ්ඩ ප්‍රවාහනය කරන බහාලුමක් තුළ බහා ශ්‍රී ලංකාවට එවා තිබුණි. මෙම ත්‍යාග පෙට්ටි තුනී ලෑලි වලින් සකස් කර , ඒවායේ ව්‍යාජ පතුල් තුළ මෙම " කුෂ් " නැමැති ගංජා තොගය සගවා තිබුණි .
මෙම ගංජා තොගය අත් අඩංගුවට ගත් රේගු නිලධාරීන් විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .
මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ විමර්ශන කටයුතු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සේනක ඇරැව්පොළ මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්යක්ෂවරුන් වන සුගන්ධි පද්මනාදන් සහ අජිත් රූපසිරි යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ සහකාර රේගු අධිකාරිවරුන් වන ඉසුර සුමනරත්න , සහන් ලාලිත්‍ය , රුවන් පෙරේරා සහ ෂෙහාන් ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් සිදු කර තිබුණි.