දකුණු පළාතෙන් බස්නාහිර පළාතට කලුතරින් ගමන් කරමින් සිටි යතුරුපැදි රැළියක ලංකාවේ මාර්ග වල ධාවනයට තහනම් රුපියල් ලක්ෂ එකසිය විස්සක් වටිනාකම කින් යුතු අධි බලති යතුරුපැදි දෙකක් පැද වූ තරුණයන් දෙදෙනෙක් එම යතුරුපැදි දෙක ද සමග ඊයේ (30දා) රාත්රියේ අලුත්ගම පොලීසිය අත්අඩංගුවට ගත් බව කියයි .
බස්නාහිර පළාතේ සිට දකුණු පළාතේ මාතර ප්රදේශය දක්වා ගාල්ල කොළඹ ප්රධාන මාර්ගය ඔස්සේ ගමන් කරන ලද යතුරු පැදි රැලියක් අලුත්ගම පොලීසියේ රථවාහන අංශය විසින් නැවත බස්නාහිර පළාත දක්වා ගමන් කරමින් සිටියදී අලුත්ගම නගරයේ දී රථ වාහන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂාවට ලක් කිරීමෙදි මෙම යතුරුපැදි දෙක ධාවනය කල තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව කියයි.
අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනා කළුතර ප්රදේශයේ අය බව විමර්ශන සිදුකරන පොලිසිය කියයි. කළුතර සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අලුත්ගම පොලිසිය පරීක්ෂණ සිදු කරයි.
අලුත්ගම තුසිත කුමාර
