පිළියන්දල කොළඹ පාරේ ජංගම දුරකථන හා උපාංග අළෙවි සැලැක් මෙන්ම අලුත්වැඩියා කටයුතු සිදු කරන ආයතනයක් බිද සොරාගත් දේපල මුහුණු පොත ඔස්සේ විකුණු එකම පවුලේ සහෝදරයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
අත්අඩංගුවට එක් සැකකරුවෙක් බස් කොන්දොස්තරවරයෙකු බව පොලිසිය කියයි.
සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මත් කුඩු මිලිග්රෑම් 60 ක් පොලිස් බාරයට ගෙන ඇත.
ඉකුත් නොවැම්බර් මස 1දා සැකකරුවන් දෙදෙනා එක්ව ජංගම දුරකථන අලෙවි ආයතනයේ බිඳ ටැබ් යන්ත්ර තුනක් සහ ජංගම දුරකථන, හා ඒවා අලුත්වැඩියා කිරීමේ උපකරණ අමතර කොටස් තොගයක් සහිත රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා දේපල සොරා ගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.
සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් දෙදෙනා එම දේපළ මුහුණු පොත සහ ප්රසිද්ධ වෙබ් අඩවියක් ඔස්සේ ප්රචාරය ලබාදී විකුණා තිබූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට කටයුතු කර ඇතැයි පොලිස් නිළධාරියෙකු පැවසීය.
ගල්කිස්ස කොට්ඨාස බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය, කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති අංශයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි