ලක්ෂ 115ක කුෂ් මත්ද්‍රව්‍ය කටුනායකින් අල්ලයි
රුපියල් එක් කෝටි පහළොස් ලක්ෂ හතලිස් දහසක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු 03/02 දින උදෑසන ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 27 වියේ පසුවන , දෛනික කුළී රැකියා වල නිරත වන්නෙකි.
ඔහු 03/02 දින දහවල් 11.00 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ පාර්සල් 04 ක් ලෙස සකස් කර , මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 154 ක ප්‍රමාණය සගවා ගෙන සිටියදී අත් අඩංගුවට ගෙන තිබේ.
මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මොහු සමග " කුෂ්" මත්ද්‍රව්‍ය තොගය 03/03 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
