කළුතර ප්රදේශයේ ප්රධානම මත්කුඩු ජාවාරම්කරුවෙකු රුපියල් ලක්ෂ අටකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමග ඊයේ (26දා) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර ප්රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.
සැකකරු රුපියල් 15,000 ක මාසික මුදලකට ලබාගත් වස්කඩුව ප්රදේශයේ කුලී නිවසක පදිංචිව සිටිමින් ජාවාරම් කරන බවට ලද තොරතුරක් මත පොලිස් පරීක්ෂක සුජිත් ද සිල්වා මහතා ඇතුළු පොලිස් කණ්ඩායම නිවස වටලන විට පොලිස් නිළධාරින් ගෙන් මිදී පලායාමට උත්සාහ දරා ඇති බවත් ලුහුබැඳ ගොස් පරිශ්රමයක් යොදා ග්රහණයට ගත්බවත් වැටලීමට එක්වූ නිලධාරීයෙක් කීය.
සැකකරු පරීක්ෂා කිරීමේදී හෙරොයින් මත්කුඩු ග්රෑම් 51 ක් සොයාගෙන ජාවාරම සදහා යොදාගත් ජංගම දුරකථනයද භාරයට ගත්බව පොලිසිය පවසයි .
සැකකරු කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
පානදුර සුමිත් පොතුපිටිය සහ වාද්දුව දයා හේමන්ත සිල්වා