හෝමාගම මාකුඹුර ව්‍යාපාරිකයෙකුගේ නිවසේ සඟවා තිබූ රුපියල් ලක්ෂ පහකට අධික ඩීසල් තොගයක් සමග එම ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
ලීටර් 500 වතුර ටැංකි දෙකක ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 1000 තොගයක් හා ලිටර් 200 බැරල් දෙකක ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 400 ක් පොලිසිය මඟින් සොයාගෙන ඇත.
ලීටර් 500 අඩංගු ඩීසල් තොගය ගබඩා කර තිබුණේ නිවසේ ඉහළ මාලයේ තබා තිබූ ප්ලාස්ටික් වතුර ටැංකියක බවත් පොලිසිය කියයි.
මෙම ව්‍යාපාරික නිවසේ වැඩි මිලට ඉන්ධන අලෙවි කරන බවට පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ මහතාට ලද තොරතුරක් අනුව පොලිසිය වැටලීම සිදුකර ඇත.අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
