ලක්ෂපාන දිය ඇල්ල ප්‍ර දේශය සංචාරක කලාපයක් කිරීමට
ලක්ෂපාන දිය ඇල්ල ප්‍රදේශය සංචාරක කලාපයක් බවට පත් කිරිමට අඹගමුව ප්‍රාදේශිය සභාව විසින් පියවර ගෙන ඇත. මේ පිලිබදව අදහස් දක්වන අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති කපිල නාකන්දල මහතා පවසන ලද්දේ ලක්ෂපාන දිය ඇල්ල ප්‍රදේශය දෙස් විදෙස් සංචාරකයන්ගේ පරාදිසයක් බවට පත් කිරිමේ අරමුණ මත එම ප්‍රදේශය සංවර්ධනය කිරිමට පියවර ගන්නා බවත්ය.
මෙහි සංවර්ධන කටයුතු සදහා රුපියල් ලක්ෂ 150ක පමන මුදලක් වැය කිරිමට ඇස්තමේන්තු සකස් කර ඇති බවත් මධ්‍යම පලාත් වෙළද, වානිජ හා සංචාරක දෙපාර්ථමේන්තුව මගින් මේ සදහා රුපියල් 124 ලක්ෂයක් ලබා දෙන බවත් ඉතිරි ලක්ෂ 26 අඹගමුව ප්‍රාදේශිය සභාව මගින් වැය කිරිම සිදු කරන බවත්ය.
එම මුදල් වැය කරමින් මෙම ප්‍රදේශයට පිවිසෙන මාර්ග නවිකරනය කිරිම, සනිපාරක්ෂක පහසුකම් සහිත සේවා පියසක් ඉදිරිම ඇතුළු සංචාරකයන්ගේ සිත් ඇද ගන්නා අකාරයෙන් මෙම ප්‍රදේශයේ නවිකරන කටයුතු සිදු කිරිම සිදු කරන බවත් මෙහි වැඩ කටයුතු නිමවි සංචාරක කලාපයක් බවට පත් විමෙන් පසුව එම ප්‍රදේශයේ ජනතාවගේ අදායම් තත්වයන් දියුණු කර ගැනිම සදහා විවිධ ස්වයං රැකියා මාර්ග ඇති කිරිමටද සැලසුම් කර ඇති බවද කපිල නාකන්දල මහතා වැඩි දුරටත් පැවසිය.
හැටන් චන්ද්‍ර සෙල්ලහේවා

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

