මගනැගුම මාර්ග ඉදිකිරිම් යන්ත්‍රෝපකරණ සමාගම විසින් පුද්ගලික ආයතනයක් වෙත ඉදිකිරිම් ව්‍යාපෘතියකට අදාල ගෙවිම් සදහා නිකුත් කරණු ලැබු චෙක්පතක වටිනාකම රුපියල් දෙකෝටි, දහඅටලක්ෂ, හතලිස්හයදහස්, හාරසියතිස්දෙකයි ශත දහයක් ලෙස (21,846,432.10) කුඨ ආකාරයෙන් වෙනස්කර මුල්‍ය අක්‍රමිකතාවයක් සිදුකොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
මෙම සමාගම විසින් ඉදිකිරිම් ව්‍යාපෘතිය සදහා අදාළ පුද්ගලික ආයතනය වෙත ගෙවිම සදහා නිකුත්කොට ඇත්තේ රුපියල් හාරලක්ෂ,හැටහතරදහස්,තුන්සියහතලිස්අටයි ශත හැත්තැනමයක් (464,348.79) වටිනාකමකින් යුතු චෙක්පතකි.එම චෙක්පතේ වටිනාකම රුපියල් දෙකෝටි,දහඅටලක්ෂ,හතලිස්හයදහස්,හාරසියතිස්දෙකයි. ශත දහයක් ලෙස කුඨ ආකාරයෙන් වෙනස්කොට ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
මෙකි මුල්‍ය වංචාව සම්බන්දයෙන් වගකිවයුතු නිලධාරින්ට විරුද්ධව විනයානුකුල ක්‍රියාමාර්ග මේවනතෙක් ගෙන නොමැති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. සමාගමේ සභාපති, සාමාන්‍යධිකාරි, මුල්‍ය නිලධාරිණි. සහ මුල්‍ය අංශයේ සේවය කරණු ලබන නිලධාරින් මෙම මුල්‍ය අක්රමිකතාවය සිදුකිරිමට සම්බන්දවිම පිළිබද සැකකටයුතුභාවය බැහැර කල නොහැකි බවද විගණනය වාර්තාවේ සදහන් වේ. මෙම මුල්‍ය වංචාවට සම්බන්ද නිලධාරින්ට එරෙහිව කඩිනමින් විනයානුකුල ක්‍රියාමාර්ග ගතයුතු බවත් ඒ අනුව එම පාඩුව අදාළපාර්ශවයන්ගෙන් අයකරගැනිමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
මේ පිළිබද විශේෂ අපරාධ විමර්ශන අංශයේ පරික්ෂණයක් සිදුකරණ බවත් එම පරික්ෂණ අවසන්විමෙන් පසු නිකුත් කරණු ලබන වාර්තා සහ නිරික්ෂණ මත අදාල නිලධාරින්ට විරුද්ධව විනයානුකුල කටයුතු සිදුකරණු ලබන බව සමාගමේ කලමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත.
චන්දන සමරවික්‍රම