ලෝකයේ හොඳම කාන්තා යට ඇඳුම් මසන්නේ ලංකාවෙයි- අගමැති
මේ වන විට ලෝකයේ හොඳම කාන්තා යට ඇඳුම් මසන්නේ ලංකාවේ බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි. බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ ඉදිකිරිම් ආරම්භ කරමින් ඔහු මේ බව ඊයේ (04දා) සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ අග්රාමාත්යවරයා,.
“ අපි 77 ආරම්භ (ආයෝජන ප්රවර්ධන කලාප) කරද්දි ඉස්සෙල්ලාම ආවේ ඇඟළුම් කර්මාන්ත මට මතකයි ඒකට කිව්වේ ටේලර් සාප්පු කියලයි. අපි මහනවා අනිත් අය හම්බ කරනවා කියලා කිව්වා. තව කට්ටියක කිව්වා අපි ... (කාන්තා යට ඇඳුම්) මහනවා කියලා. මම එකක් කියන්න කැමතියි කාන්තාවන්ට හොඳම .... (කාන්තා යට ඇඳුම්) අද හදන්නේ ලංකාවෙයි. වික්ටෝරියා සික්රට් එකෙන් අහන්න කොහෙන්ද ඔය .... (කාන්තා යට ඇඳුම්) ටික එන්නේ කියලා. කොහෙන්ද එන්නේ, කාන්තාවන් දන්නවා. හම්බ කරන්න පුළුවන් එකෙන් ඉදිරියට යන්න ඕන.”
කෙසේ වෙතත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ මෙම ප්රකාශය සම්බන්ධයෙන් කාන්තා සංවිධාන කිහිපයක්ම සිය විරෝධය එල්ල කර තිබේ.

popular news
-
Champa Tuesday, 05 March 2019 01:32 PM
ලෝකෙන් උතුම් රට දැන් ලෝකෙට හොඳම ජංගි මහන රට කියල වෙනස් කරන්න වෙයි. කාන්තාවන් වහල් කමේ යොදවල සල්ලි හොයන හොඳම රට කියලා ඊළඟට කියයි. චික් විතරක්. එක පැත්තකින් කාන්තාවන් මැද පෙරදිග වහල් වෙළඳාමේ යොදවල සල්ලි හොයනවා. අනිත් පැත්තෙන් කාන්තාවන් ලවා සුද්දියන්ට ජංගි මහල සල්ලි හොයවනවා. දෙකෙන්ම කරන්නේ කාන්තාවන් සූරා කෑම හැබැයි රටේ අගැමති ඒ ගැන ආඩම්බරෙන් පුරසාරම් කියවනවා. ඕයි, අගමැතිතුමා, කාන්තා දිනයට වැඩ කරන කාන්තාවන්ට දීපු නම්බු නාමේද ඕක? නෙද්දකින්.
Reply : 5 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

