ලංවිම 2025 ශුද්ධ අලාභය රු. කෝටි 131යි
ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉකුත් වර්ෂයේ (2025) මුල්මාස හය තුලදි රුපියල් බිලියන 13.16ක ශුද්ධ අලාභයක් වාර්තාකොට ඇති බැව් බලශක්ති අමාත්‍යංශය විසින් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති ප්‍රගති වාර්තාවේ සදහන් වේ.
විදුලිබල මණ්ඩලය විසින් බිලයන ගණනක අලාභයක් ලබා තිබුනද එහි සේවකයින් සදහා 2024 වර්ෂයේ දි පමණක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරණු ලැබු දිමනා ලැයිස්තුවට ඇතුළත් නොවු දිමනා වශයෙන් රුපියල් මිලියන 1,060.02ක මුදලක් ගෙවා තිබු බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ. එමෙන්ම අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව වෘත්තීය දිමනාවට හිමිකම් ඇති නිලධාරින්ට රදවා ගැනිමේ දිමනාව නෙගෙවියයුතු වුවත් වෘත්තීය දිමනාවට හිමිකම් ඇති නිලධාරින් 601 දෙනෙකු සදහා 2024 වර්ෂය තුලදි රදවා ගැනිමේ දිමනාව ලෙස රුපියල් මිලියන 191.3 මුදලක් ගෙවා තිබුණි.
මෙකි දිමනා ගෙවිමේ දි වැටුප් හා සේවක කොමිෂන් සභාවේ නිර්දේශය සහ කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගෙන නොතිබුණි. කෙසේවුවද විදුලිබල මණ්ඩලයේ මෙකි පාඩුවට හේතුවි ඇත්තේ 2024 වර්ෂයේ ජුලි මස සහ 2025 ජනවාරි මාසයේ ක්‍රියාත්මක කරණු ලැබු විදුලි ගාස්තු අඩුකිරිම බව බලශක්ති අමාත්‍යංශයේ ප්‍රගති වාර්තාවේ සදහන් වේ. මේ නිසා විදුලිබල මණ්ඩලයේ. ආදායම පහත වැටි ඇති බවද මෙම වාර්තාවේ වැඩිදුරටත් සදහන්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
