ලංවිම හදිසි විදුලිය මිලදී ගැනීමට යයි
රජයේ තීරණයකට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙගාවොට් 200ක හදිසි විදුලිය මිලදී ගැනීමේ යෝජනා කැඳවීමටලංකා විදුලිබල මණ්ඩලය ඊයේ තීරණය කර ඇති බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහන්ත අබේසේකර මහතා එම පුවත්පතට පවසා ඇත්තේ හදිසි විදුලිය මිලදී ගැනීමේ අවශ්‍යතාවය මතුව ඇති බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත ලංවිම එය සිදු කරන බවත්ය.
හදිසි විදුලිය මිලදී ගැනීම සඳහා අධි ධාරිතා ගාස්තු ගෙවිය යුතු බැවින් මෙම ක්‍රියාමාර්ගය මිල අධික වනු ඇති බව ලංවිම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
ජනවාරි මාසයේ සිට නියමිත පරිදි විදුලිය කප්පාදු කිරීමේ අවශ්‍යතාවය ලංවිම අවධාරණය කර තිබුණද මහජන උපයෝගිතා කොමිසම එම පියවර දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම නිසා දැවැන්ත අර්බුදයක් හටගෙන ඇති බව ඔවුහු පවසති.
සාමාන්‍යයෙන් ලංවිම මාස 3-6ක් වැනි කෙටි කාලීනව හදිසි විදුලිය මිලදී ගත්තද මධ්‍ය කාලීන පදනමින් මෙගාවොට් 200ක හදිසි විදුලිය ලබා ගැනීමට රජය තීරණය කර ඇති අතර එය ලංවිම පාඩුව තවත් වැඩි කරනු ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.
සෑම වසරකම ජනවාරි සිට මැයි දක්වා මුහුණදීමට සිදුවන නියඟයේ ප්‍රතිඵලයක් ලෙස පෞද්ගලික ඩීසල් බලාගාර තුනකින් 2021 දෙසැම්බර් සිට ජනවාරි දක්වා අඩු මුදලකට විදුලිය මිලදී ගැනීමට විදුලිබල මණ්ඩලයේ හිටපු අතිරේක සාමාන්‍යාධිකාරී ජානක අලුත්ගේ මහතා සැලසුම් සකස් කර තිබුණි. නමුත් ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි නොවුණි.
popular news
-
ගජමිතුරු Sunday, 06 March 2022 01:11 PM
කෙකර කෙකර කෙකර ගගා දැම්ම බිත්තරේ ඒක ඇතුලෙ තිබුනලු බං බයිල සාස්තරේ
Reply : 0 0
gamage Sunday, 06 March 2022 02:23 PM
still whos getting the profits. this is the mafia they been doing for many years. spot buying electricity to fill in the gaps. so corrupted
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

