ලංවිම සේවකයන් අඩකින් අඩු කළ හැකියි
ලංකා විදුලි බල මණ්ඩලයේ දැනට සිටින 26000ක් වන කාර්ය මණ්ඩලය අඩකින් අඩු කළ හැකි බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මෙන්ම තොග ගබඩා පර්යන්තයේ සේවකයන් 4200යකගෙන් කරන කාර්යයන් සේවකයන් 500කින් සිදුකළ හැකි බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසන්නේ සේවකයන්ගේ කාර්යක්ෂතාව වැඩි කිරීමෙන් මෙය සිදුකළ හැකි බවත් අකාර්යක්ෂම සේවකයන් හේතුවෙන් වෘත්තීය සමිති වර්ධනය වන බවත් ඔහු පවසයි.
ලංකා විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව හා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ කාර්යක්ෂම සේවකයන් සිටියත් බහුතරයක් අකාර්යක්ෂම බවත් ඔහු පවසයි.
සියලු රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහ ගත කළ යුතු බවත් අකාර්යක්ෂමතාව, දේශපාලන තීරණ, දේශපාලන පත්කිරීම්, අකාර්යක්ෂම පරිපාලනය හේතුවෙන් මෙම ආයතන පහතට වැටී ඇති බවත් ඔහු පවසයි.
රාජ්‍ය අංශය තුළද දක්ෂතාව අනුව වැටප් ලබා දීම අවශ්‍ය බව ඔහු වැඩිදුරටත් පවසයි.
popular news
-
Deepal Nirosh Sunday, 28 August 2022 04:10 AM
කවුද ඉතින් ඔය තරමට සේවකයො ආයතනවලට එකතු කළේ? තාත්තා එකතු කරහම පුතා අඩු කරන්න කතා කරනව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

