2000 දශකයේ මුල් භාගයේ සිට ජාතික විදුලිබල පද්ධතියට විදුලිය අලෙවි කරන ස්වාධීන බලශක්ති නිෂ්පාදකයෙකු (IPP) 2021 මාර්තු වන විට රුපියල් බිලියන 14.8 ක ශුද්ධ ලාභයක් උපයා ඇති අතර එය එහි මූලික ආයෝජනය මෙන් සියයට 855 ක වර්ධනයකි.
Aitken Spence සතු ACE Power Embilipitiya (Pvt) Ltd සමාගම 2005 සිට 2015 දක්වා රුපියල් බිලියන 8.57ක ශුද්ධ ලාභයක් උපයා තිබේ.එය සමාගම වෙනුවෙන් කළ මූලික ආයෝජනය වන රුපියල් බිලියන 1.67ක වටිනාකමෙන් සියයට 511කි. 2005-2007 කාලය තුළ සමාගමේ ලාභය පමණක් රුපියල් බිලියන 1.8 කි.
මේ අනුව විදුලි බලාගාරය වෙනුවෙන් වැය කළ අගය වසර දෙකකින් උපයා ගැනීමට සමත්ව තිබේ. ජාතික විගණන කාර්යාලය කළ ඉදිරිපත් කළ විගනන වාර්තාවක මෙම තොරතුරු දැක්වෙයි.
103MW ACE බල තාප බලාගාරය බර ඉන්ධන තෙල් මත ධාවනය වේ. එය ඩොලර් මිලියන 61 ක ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස ඉදිකරන ලද අතර, එයින් සියයට 70 ක් ණය ආධාර මත පදනම් විය. සමාගම කොටස් වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 18ක් යොදවා ඇත (ගිවිසුම අනුව කොටස් මත ප්රතිලාභ සියයට 17ත් 28ත් අතර වේ).
2005 සිට 2015 දක්වා බලපැවැත්වෙන පරිදි ACE Power සමඟ වසර 10 ක මිලදී ගැනීමේ ගිවිසුමක් ලංවිම විසින් අත්සන් කරන ලදී. කොන්ත්‍රාත්තුව අවසන් වූ පසු බලාගාරය මිලදී ගැනීමට 2016 වසරේ අමාත්‍ය මණ්ඩලය විසින් ලංවිමට අනුමැතිය ලබාදුන් පසුවත් එය සිදු නොකළේ මන්දැයි විගණනය ප්‍රශ්න කළේය.
ඒ වෙනුවට, මූලික විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම 2016 අප්‍රේල් සිට 2022 සැප්තැම්බර් දක්වා වසර පහකුත් මාස හයකට දීර්ඝ කරන ලදී - විදුලිබල මණ්ඩලයට බලාගාරය අත්පත් කර ගැනීම වඩාත් ප්‍රයෝජනවත් විය හැකි වුවද. ACE Power හි ශුද්ධ ලාභය 2016 සිට 2021 දක්වා පමණක් රු. බිලියන 6.81 කි.
රජයේ තක්සේරුකරු සමාගම සඳහන් කළ මුදලට වඩා අඩු මිලක් සඳහන් කිරීම නිසා බලාගාරය මිලදී ගැනීමේ අවස්ථාව අහිමි විය. රජයේ තක්සේරුකරු සමාගම වෙනුවෙන් රුපියල් බිලියන 2.37 ක නිල තක්සේරුවක් ඉදිරිපත් කර තිබූ අතර සමාගම තම වටිනාකම රුපියල් බිලියන 2.4ක් ලෙස තක්සේරු කර තිබුණි.
කෙසේ වෙතත් නිවැරදි තක්සේරුවක් කළේ නම් විදුලි බලාගාරයේ වටිනාකම රුපියල් බිලියන 4.17 ට ආසන්න බව විගණන කාර්යාලය පවසයි.