ලංවිම සභාපති ඉල්ලා අස්වෙයි
ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා වෙත යොමුකර තිබේ.
ඒම ඉල්ලා අස්වීම තමන් භාර ගත් බවත් ලංකා විදුලි බල මණ්ඩලයේ උප සභාපති නලින්ද ඉලංගකෝන් මහතා නව සභාපතිවරායා ලෙස වැඩ භාර ගන්නා බවත් කාංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
පසුගියදා කෝප් කමිටු රැස්වීමේදී මන්නාරම සුළං බල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ බලපෑම් ඇති බවට ජනතිවරයා තමන්ට ප්‍රකාශ කළ බවට ෆර්ඩිනැන්ඩෝ මහතා කල ප්‍රකාශයක් මහත් ආන්දෝනයකට පත්විය.
ජනපතිවරයා එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ අතර පසුව සභාපතිවරයාද එම ප්‍රකාශය කොන්දේසි විරහිතව ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කළේය.
ලංවිම සභාපතිවරයා කළ මෙම ප්‍රකාශය ඉන්දීය මාධ්‍ය තුළද වැඩි අවධානයක් දිනාගත් ප්‍රවෘත්තියක් බවට පත්ව තිබේ.
popular news
-
Deepal Nirosh Monday, 13 June 2022 10:40 AM
එහෙනම් ඔන්න ගිය 9 වෙනිදා අරගලය නම් දින තුනකින් දිනුවා, ගාලු මුවදොර නම් තාම යනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

