ලංවිම වියදම් අඩුකර ගැනීමට ගෙන ඇති පියවර සහ ලංවිම පිරිවැය අඩුකර ගැනීමට ගත හැකි ඉදිරි පියවර සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පැවැත්වූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ලංවිම සහකාර හා නියෝජය සාමාන්‍යාධිකාරීවරුන් සමග පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමුකර තිබේ. මෙම සාකච්ඡාව සඳහා දිවයින පුරා විසිරී සිටින ලංවිම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන් මාර්ගතව සම්බන්ධ වී තිබේ.
එසේම මෙහිදී ලංවිම නව මූලස්ථානයේ දැනට සිදුකෙරෙන ඉදිකිරීම් කටයුතු පිළිබඳවද සාකච්ඡාවට ලක්කර තිබේ.