ලංවිම විකිණීමට හෝ 13 බලාත්මක කිරීමට ජනපතිට ජනවරමක් නෑ
විදුලිබල මණ්ඩලය වැනි උපායමාර්ගිකව වැදගත් ආර්ථික මර්මස්ථානයක් කෑලි කඩා විකුණන් කෑමට හෝ 13 වැනි සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට හෝ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කිසිදු ජනවරමක් ලැබී නැති බව උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.
කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ ජෙස්මින් ශාලාවේදී පැවති 'ලංවිම විකිණීමට එරෙහි සහ සැබෑ ප්‍රතිව්‍යුහගතකරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය' මගින් සංවිධානය කළ ‘මණ්ඩලේ කඩලා විකුණමු ද? නැත්නම් හදලා ගොඩගමු ද?‘ මහජන කතිකාවතට එක්වෙමින් ඒ මහතා සිය දේශනයේදී මේ බව අවධාරණය කළේය.
"රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ජනවරමක් නැහැ. ඔහු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි අයෙක්. ලැජ්ජාව හින්දා ද මන්දා අවුරුද්දක් විතර සැඟවෙමින් ඉදලයි මෙවර පාර්ලිමේන්තුවට ඔහු ආවේ. ඒ ජනවරමක් නැති, පාර්ලිමේන්තුවට පත් කළ මන්ත්‍රී, අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වුණාම අපට පුළුවන්ද මේ රටේ උපායමාර්ගික වශයෙන් වැදගත් ආර්ථික මර්මස්ථාන ටික විකුණන් කෑමට දෙන්න? ඒ අස්සේ එතුමා කියනවා, 'මම 13 සම්පූර්ණයෙන්ම බලාත්මක කරනවා' කියලා.
මතක තබා ගන්න, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරනවා කියන්නේ ඉඩම් බලතල සම්පූර්ණයෙන් පළාත් ඉඩම් කොමිසමට යනවා කියන එක; ඒ වගේම පළාත් පොලිසිය හැදෙනවා කියන එක; ආණ්ඩුකාරවරයා ලෙස මහඇමති කැමති කෙනා පත් වෙනවා කියන එක. \
ඒ වගේම, 'රණසිංහ ප්‍රේමදාස පාලන සමයේ උතුරු නැගෙනහිර රාජ්‍ය භාෂාව දෙමළ භාෂාව කියා නීතිමය ලෙස පිළිගෙන තිබෙනවා' කියන එක ද සිහිපත් කළ යුතුයි. 13 සම්පූර්ණයෙන් බලාත්මක කිරීමට හෝ විදුලිබල මණ්ඩලය 8ට - 18ට කඩලා විකිණීමට හෝ පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කිසිදු ජනවරමක් ලැබිලා නැහැ. ඔහු නියෝජනය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ලැබුණු ජනවරමේ ඉතිරි අවුරුදු දෙකහමාරයි."
popular news
-
Muditha Sunday, 29 January 2023 03:02 AM
This guy is talking nonsense without proper understanding about Sri Lankan constitution there is no need to obtain consent again and again to execute it . Parliament has approved and president to act as set by.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

