ඔක්තෝබර් හා නොවැම්බර් මාසවලදී ජල විදුලි උත්පාදනය හේතුවෙන් සෑම වසරකම අදාළ කාලසීමාව තුළ ලංකා විදුලි බල මණ්ඩලය මෙහෙයුම් ලාභයක් ලබන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
පසුගිය 2017 -2022 මූල්‍ය වාර්තා සැසදීමේදී මේ බව තහවුරු වන බවද අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් පෙන්වා දෙයි.
අගෝස්තු මාසයේ විදුලි ගාස්තු වැඩිකීරීම හරහා පමණක්ම මෙසේ විදුලි බල මණ්ඩලය මෙහෙයුම් ලාභයක් ලබාගෙන නොමැති බවත් ඔහු පවසයි.
මේ අනුව මහජන උපයෝගීතා කොමිෂම මෙන්ම පී.සී. රණවක (පාඨලී චම්පිකර රණවක) මහතා ඔක්තෝබර් හා නොවැම්බර් මාස වලදී ලංවිම ලැබූ ලාභය පිළිබඳව කර ඇත්තේ අසත්‍ය හා නොමග යවන සුළු ප්‍රකාශයක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.