ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය බවත් 2014 වසරේ සිටි නව ප්‍රධාන විදුලි බලාගාර කිසිවක් ආරම්භ කිරීමට ලංවිම කටයුතු කර නොමැති බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
විදුලිබල අංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඊයේ පවත්වා අතර මෙම රැස්වීම පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පවසයි.
පුනර්ජනනීය බලශක්තිය බලශක්ති ක්ෂේත්රය පුනර්ජීවනය කිරීමේ ඉදිරි මාර්ගය වන නමුත් එවැනි ව්‍යාපෘති සඳහා පහසුකම් සැලසීමේ ලංවිම ආකල්පය ගැටලු සහගත බවද අමාත්‍යවරයා පවසයි.
විදුලි බිල වැඩිකිරීම අවශ්‍ය නමුත් පුනර්ජනනීය බලශක්තිය සමගින් ජනන පිරිවැය අඩුකර ගත යුතු බවත් ඔහු පවසයි.