ලංකා විදුලි බල මණ්ඩලයේ රැකියාවක් ලබාදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් 768 300ක මුදලක් වංචා කළ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
තංලගම පොලීසියට ලැබුණ පැමිණිල්ලක් අනුව මෙම සැකකාර යුවළ ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. අවුරුදු 33 වන සැකකරුවෙක් හා අවුරුදු 27ක් වන සැකකාරියක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් තලංගම පදිංචිකරුවන් වෙයි.
මේ වසරේ මාර්තු මාසයේ මිට අවස්ථා කිහිපයකදී ජංගම දුරකතනයකින් ඇමතුම් ලබාගෙන සැකකරුගේ බැංකු ගිණුමට පැමිණිලිකරුවෙක් මෙම මුදල් වරින් වර බැරකරගෙන තිබේ.
සැකකරුවන් අද දිනයේිදී කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරපත් කිරීමට නියමිතය.