අද පෙරවරු අටයි තිහට පමණ(26) මහනුවර සිට ත්රිකුණාමලය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් පුද්ගලික බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් ලංගම බස් රථයේ ගමන් ගත් 12 දෙනෙකු නාලන්ද රෝහලට ඇතුලත් කර ඇතැයි නාඋල පොලිසිය කියයි.
ඇතුලත් කළ රෝගීන්ගෙන් එක් පුද්ගලයෙකු බරපතල තත්වයේ පසුවන බවද රෝහල් ආරංචි මාර්ග කියා සිටියේය.
බස් රථ දෙක ගැටීමත් සමග මාර්ගයේ ගමන්ගත් වායුසමනය කළ බස් රථයක්ද ගැටීමට හසුවී ඇති අතර එහි ගමන් ගත් කිසිවකුටත් අනතුරක් සිදුවී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
ඉන්දික අරුණ කුමාර

