ශ්‍රී ලංගම සේවකයින්ට ප්‍රසාද දීමනා වශයෙන් රු. 20,000/- ක මුදලක් ද පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් 20,000/- ක මුදලක් ද වශයෙන් රුපියල් 40,000/- මුදලක් ලබාදීමට කඩිනමින් මැදිහත් වන ලෙස සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියි.
ශ්‍රී ලංගම සේවකයින් තම ජීවිත වලට සිදුවිය හැකි හානිය පවා නොතකා කොරෝනා වෛරසය දීප ව්‍යාප්තව තිබූ කාලය තුළත් මේ මොහොතේත් ජනතාවට යහපත් ප්‍රවාහන සේවාවක් ලබාදීම වෙනුවෙන් දැවැන්ත කැප කිරීමක් කරන බව එම සංගමය පවසයි.
මේ වන විට රටේ උද්ගත වී ඇති ආර්ථික අර්බූදය හේතුවෙන් පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා අධික මිලක් දැරීමට සිදුවන බවත් ඒ අනුව පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා අවම වශයෙන් රු. 20,000/- ක මුදලක් නැවත ගෙවීමේ පදනම මත ලබා දෙන ලෙස ඔවුන් ජනපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටියි.
එසේම පසුගිය වසර තුළඳ කම සංගමය මෙවැනි මුදලක් ඉල්ලා සිටියත් ප්‍රසාද දීමනා වශයෙන් රුපියල් 13,500/- ක මුදල හා පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා ගෙවීම් පදනම මත රුපියල් 10,000/- ක මුදලක්ද වශයෙන් රුපියල් 23,500/- ක මුදලක් ලැබුණ බවද ඔවුන් පවසයි.
මේ වසරේදී තම සංගමය ඉල්ලා සිටින රුපියල් 40,000/- ක මුදල කිසිදු වර්ගීකරණයකින් තොරව සියලූම ශ්‍රී ලංගම සේවකයින්ට ලබාදීමට කඩිනමින් මැදිහත් වන ලෙස ඔවුන් සිය ලිපියෙන් වැඩිදුරටත් පවසයි.