ජීවන බර දරා ගත නොහැකි බවත් ඒ අනුව රු. 20000ක දීමනාවක් ලබා දෙන ලෙසත් ඉල්ලමින් සමස්ත ලංකා ප්‍රවහන සේවක සංගමය උද්ඝෝෂණයක් ආරම්භ කිරිමට තීරණය කර තිබේ.
ඒ අනුව හෙට දිනයේ දහවල් 12ට පිටකෙටුව මධ්‍යම බස්රථ කාර්ලායල ඉදිරිපිට මෙම විරෝධතාව පැවැත්වීමට නියමිතව තිබේ.
ඉන්ධන මිල, ජල හා විලි බිල්පත් දරාගත නොහැකි තරමට ඉහළ ගොස් ඇති බවත් එසේම ආහාර පාන වල මිලද ඉතා අධික ලෙස ඉහළ ගොස් ඇති බවත් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය පවසයි.