හැටන් ලංගම ඩිපොව මගින් දින හතක සිට තම බස්රථ වලට ඩිසල් ඉන්ධන ලබා නොදිමට විරෝධය පාමින් හැටන් බස් නැවතුම්පොලින් ධාවනය වන ලංගම බස් රථ වලට ධාවනය කිරිමට ඉඩ ලබා නොදි පෞද්ගලික බස් රථ හිමියන් විරෝධතාවයක් අද (08දා) ආරම්භ කර ඇත.
හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලෙන් දිනපතා දුර සහ කෙටිදුර ධාවනය වන බස් රථ වල රියදුරන් , කොන්දොස්තරවරුන් සහ බස් රථ හිමියන් අද (08දා) උදැසන හැටන් ලංගම ඩිපෝව වෙත ගොස් එහි නිලධාරින් සමග සාකච්ඡා කිරිමේදි එම නිලධාරින් ඔහුන් හමුවේ කියා සිටියේ තම වෘත්තිය සමිති ක්රියාමාර්ගයක් හේතුවෙන් පෞද්ගලික බස් රථ සදහා ලංගම ඩිපොවෙන් ඩිසල් ඉන්ධන නිකුත් නොකරන බවයි.
දින හතක් තිස්සේ තමන් ඉන්ධන ලබාගැනිමට පොලිම් වල රැදි සිටියද තමන්ට ඉන්ධන ලබානොදිම නිසා පෞද්ගලික බස් රථ ගණනාවක්ම ධාවනයෙන් ඉවත් කර තිබියදි ලංගම බස් රථ පමණක් ධාවනය කිරිමට ඉඩ ලබානොදන බව පවසමින් හැටන් බස් නැවතුම්පොල ඉදිරිපිට ලංගම බස් රථ වලට ධාවනය කිරිමට ඉඩ ලබානොදි අවහිර කරමින් එම පිරිස උද්ඝෝෂණයේ නිරතව සිටියහ.
