නාවලපිටිය රොජසංගම සිට මහනුවර දක්වා ධාවනය වු ලංගම බස් රථයක් අනතුරට පත්විමෙන් බස් රථයේ ගමන් ගත් පාසල් සිසුන් තිදෙනෙක් තුවාල ලබා නාවලපිටිය දිස්ත්රික් මහ රෝහලට ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.
අද (17දා) උදැසන 7 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය කොත්මලේ ප්රධාන මාර්ගයේ නාවලපිටිය හරංගල ප්රදේශයේදිය.
නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් ධාවනය වෙමින් තිබු බස් රථයට ප්රතිවිරුද්ධ දිශාවෙන් බස් රථය දෙසට ධාවනය වු යතුරුපැදියක් ගැටි සිදුවිමට ගිය අනතුරක් වලක්වා ගැනිමට ලංගම බස් රථයේ රියදුරා උත්සහ කල අවස්තාවේ බස් රථය ලිස්සාගොස් මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහන් සහිත කණුවක ගැටි බස් රථය නතර වි අනතුරට පත්වි ඇත.
බස් රථය අනතුරට පත් වන අවස්තාවේ බස් රථය තුල විශාල මගින් පිරිසක් ගමන් කර ඇති බවත්, ඉන් පාසල් ළමුන් තිදෙනෙකු පාසල වෙත ගොස් පසුව ඇති වු රෝගි තත්ත්වයක් හේතුවෙන් නාවලපිටිය දිස්ත්රික් මහ රෝහල වෙත ඇතුලත් කල බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය කියා සිටියේ.
අනතුරෙන් ලංගම බස් රථය දැඩි අලාභ හානි සිදු වි ඇත.
