ලංකා බැංකුව ඉතිහාසයේ වාර්තාගත රුපියල් බිලියන 43ක බදු පෙර ලාභයක් උපයයි.
ලංකා බැංකුවේ 2021 වාර්ෂික වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පිළිගැන්වීම පසුගියදා කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදු වූ අතර එහිදී මේ කරුණු අනාවරණය විය.
ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්ත මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබිණ.
ණය ක්‍රම පුළුල් කිරීම හා දීප ව්‍යාප්ත සියලු ස්ථරයන් ආවරණය කෙරෙන ගනුදෙණුකරුවන්ට සමීප සේවාවක් සැපයීමෙන් අදාළ ඉලක්කය සපුරා ගෙන තිබේ. රාජ්‍ය බැංකුවක වගකීම දරමින් මෙම ප්රතිලාභ ජනතාව වෙත නැවත ලබාදීමට කටයුතු කරන බව ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්ත මහතා පැවසුවේය.
ලංකා බැංකුවේ මහා කළමනාකරු කේ.ඊ.ඩී. සුමනසිරි, අතිරේක මහා කළමනාකරු රසල් ෆොන්සේකා, නියෝජ්‍ය කළමණාකරුවන් වන වයි.ඒ.ජයතිලක, පියල් සිල්වා, රුවන් කුමාර යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.