ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල අඩුකිරීමට සාපේක්ෂව ලංකා ඉන්දීය තෙල් සමාගමද (අයි.ඕ.සී.) ද සිය ඉන්ධන මිල පහල දැමීමට කටයුතු කර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක් රුපියල් 450 ක්, ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක් රුපියල් 540 ක්ට, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 440 ක් හා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 510 ක් යන මිල ගණන් යටතේ එම සමාගම අලෙවි කිරිමට තිරණය කර තිබේ.