ශ්‍රී ලංකා රජය හා ඇමෙරිකාව අතර 2007දී අත්සන් කර තිබෙන ආරක්ෂක ගිවිසුම තවදුරටත් දර්ඝ කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැවැසීය. අද (21දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා තවදුරටත් පැවැසුවේ එම ගිවිසුම අත්සන් කිරීම පිළිබඳව තීරණයක් ගැනීම සඳහා ඇමෙරිකාව තවත් කාලයක් අවශ්‍ය බව දන්වා ඇති බවයි.