ශ්‍රී ලංකා ආර්ථික ඉතිහාසයට තවත් එක් අඳුරු දිනයක් බවට අද (25දා) එක්කරමින් 2012 වසරේ පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ලබාගත් ඇමෙරිකානු ඩොලර් බිලියක ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කරයක් කල් පිරුණත් එයට මුදල් ගෙවීමට ශ්‍රී ලංකාවට නොහැකිවූ බව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
රාජපක්ෂවරුන් ඔවුන්ගේ ප්‍රියතම සූත්‍රය වන විෂම චක්‍රය හරහා රට බංකොලොත් භාවයට ගෙන ගිය බවත් ඉහළ පොලී ණය, පෙර නොවූ විරූ ලෙස වංචා කිරීම සඳහා නිර්මාණය කර ඇති නාස්තිකාර ව්‍යාපෘති/ වැඩසටහන්, සහ තවත් ණය හරහා ආර්ථිකය ගැටුලුකාරී තත්ත්වයට පත්කළ බවත් හිටපු අමාත්‍යවරයා පවසයි.
මේ හේතුවෙන් මිලියන 22ක් වන ශ්‍රී ලංකික ජනතාව අද වන විට ඉන්ධන, ගෑස්, ආහාර හෝ බෙහෙත් නොමැතිව පෝලිම්වල සිටින බවත් ඉදිරි පරම්පරාද මෙම ණය ගෙවනු ඇති බවත්ව ඔහු පවසයි.