ලංකාව සිටින දුෂ්කර මොහොතේ චීනය දුන් තෑග්ගට ස්තූතියි
ශ්‍රී ලංකාව දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින අවස්ථාවක චීනය විසින් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 2000ක් පරිත්‍යාග කිරීම පිළිබඳව චීන ජනපති ෂී ජින්පින් මහතාටත් චීන ජනතාවටත් ස්තූතිය ප්‍රකාශ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් මේ බව ප්‍රකාශ කළේය.
"ශ්‍රී ලංකාව දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින මොහොතක මෙම අමිල තෑග්ග (සහල් ටොන් 2000) වෙනුවෙන් චීන ජනාධිපතිතුමාට සහ චීන රජයට ස්තුතිවන්ත වෙනවා. අපි බෙදාහදා ගන්නා ශක්තිමත් බැඳීම සහ අඛණ්ඩ මිත්‍රත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාවචීනයට කෘතඥ වෙනවා."
popular news
-
Deepal Nirosh Saturday, 26 March 2022 11:47 PM
කෝ අපේ මේ එදා චීන පොහොර පිළීබඳ පර්යේෂණ වාර්තා එළි දක්වපු විශේෂඥයො? නුසුදුසු චීන පොහොර යොදා නිපදවපු හාල් බාර ගණනව ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

