ගෞතම බුදුන් වහන්වසේ පෙන්වා දුන් උතුම් වූ බුද්ධ දර්ශනය ලොවටම ගෙන යාමේ වැඩ පිළිවෙල ක්‍රමවත්ව සහ විධිමත් වූ ක්‍රමවේදයක් අනුව සිදු කිරීම සඳහා බෞද්ධ සබඳතා පිළිබඳ කාර්යාංශයක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ පරිශ්‍රයේදී ස්ථාපිත කළ බව විෂයය භාර අමාත්‍ය විදුර වික්‍රමනායන මහතා සඳහන් කළේ ය.
විදේශ රටවල ස්ථාපිත ශ්‍රී ලාංකේය ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථාන හෝ විහාරස්ථාන, දහම් පාසල් ආදී වෙනත් බෞද්ධ ආයතන, ජාත්‍යන්තර ධර්මදූත කටයුතු සඳහා විදේශගත වන භික්ෂුන් වහන්සේලා, සිල් මෑණියන් වහන්සේලා යන දෙවැදෑරුම් අංශ සම්බන්ධයෙන්(සම්බන්ධීකරණය, නියාමනය සහ මාර්ගෝපදේශනය) සිදු කිරීම, බෞද්ධ සහ බෞද්ධ නොවන රටවලටද ඉදිරියේදී බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථාන ස්ථාපිත කර ගැනීම මෙම ආයතනය මඟින් සිදු කෙරෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.