ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) හරහා අවම වශයෙන් ඩොලර් බිලියන 3 ක් ණයට ගැනීමට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා කරමින් සිටින බව වාර්තා උපුටා දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.
මේ වෙනුවෙන් ශ්‍රි ලංකාව ජූනි මස මුලදී IMF සමඟ තවත් තාක්ෂණික සාකච්ඡා වටයක් පැවැත්වීමට අපේක්ෂා කරන අතර මෙම මස අවසන් වන විට කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹීමට බලාපොරොත්තු වන බව මූලාශ්‍ර දෙකක් සඳහන් කරමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මේ පිළිබඳව තහවුරු කර ගැනිම සඳහා රොයිටර් පුවත් සේවය IMF හා ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය මෙන්ම මහ බැංකුව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය ව්‍යවර්ත වි තිබේ.