ලංකාව චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සාකච්ඡා කළ යුතුයි
ශ්‍රී ලංකාව චීනය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
"චීනය විශාල ණයහිමියෙකු වන අතර ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනය සමඟ ක්‍රියාශීලීව සම්බන්ධ විය යුතුයි" යැයි IMF හි ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් අඟහරුවාදා රොයිටර් වෙත සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.
ශ්‍රී ලංකාව මේ වන විට මෑත ඉතිහාසයේ එහි දරුණුතම ආර්ථික හා දේශපාලන අර්බුදයට ලක්ව තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ දත්ත වලට අනුව චීනය ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 6.5 ක ණය ලබා දී තිබේ.
ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය වන චීනය ශ්‍රී ලංකාවේ මහාමාර්ග, වරාය, ගුවන් තොටුපළ, ගල් අඟුරු බලාගාරය වැනි ව්‍යාපෘති සඳහා ආයෝජනය කර ඇත. ජපානය ඒසේම මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී මහ බැංකුව සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යන බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.
1948 නිදහසින් පසු දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙන ශ්‍රී ලංකාව එයින් ගොඩඒ්ම වෙනුවෙන් IMF සමග ණය පහසුකමක් වෙනුවේන සාකච්ඡා කරින් පවතී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

