ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රි ලංකාව වෙනුවෙන් දෙවැනි වාරිකය අනුමත කිරීමත් සමග ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මිදිමේ මූලික පියවර අරන් ඇති බව ඔවුන් පිළිගෙන ඇතැයි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය.
පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පැවැසුවේ බංකොලොත් රටක් භාර ගැනීමේ අභියෝගය තමන් භාර ගත් බවත් අද පාර්ලිමේන්තුවේ කථා කරන කිසිවෙක් එම අභියෝගය බාර නොගත් බවත් ඔහු පැවැසීය.
තමන් ගත් දුෂ්කර තීරණ වෙනුවෙන් ජනතාව තම සහාය දුන් බවත් එම සහාය ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇති බවත් ඔහු පැවැසීය.
ලෝකයේ සෙසු රටවල් බංකොලොත් භාවයෙන් මුදවා ලිමට ගත් කාලයට වඩා අඩු කාලයකින් ලංකාව බංකෙලොත් භාවයෙන් මුදවා ගැනීමට හැකිවූ බවද ඔහු පැවැසීය.