ලංකාව ආසන්නයේ ඇති ඉරාන නැව්වලට සැපයුම් දුන්නෙත් ඇමෙරිකාවෙන් ගැටලුවක්
ඉරානයට අයත් හෝ ඉරානය සමඟ සම්බන්ධතා පවත්වන තෙල් ප්‍රවාහන නෞකා 20ක් පමණ ශ්‍රී ලංකාවේ නිරිතදිග වෙරළට ඔබ්බෙන් සැතපුම් 15ක් පමණ දුරින් ඇමෙරිකා සම්බාධක හේුවෙන් නැංගුරම දා තිබේ. ඉන් සමහර නෞකා ආහාර, ඉන්ධන සහ පානීය ජල හිඟයකට මුහුණ දෙමින් සිටී.
මෙම නෞකා, සම්බාධකවලට ලක්වූ ඉරාන බොර තෙල් ප්‍රධාන වශයෙන් චීනය වෙත ප්‍රවාහනය කිරීමේ නිරතව සිටි, ඉරානය සමඟ සම්බන්ධතා සහිත පුළුල් නෞකා සමූහයක කොටසකි. ඉරානයේ තෙල් වෙළඳාම හා සම්බන්ධ නෞකා සඳහා සේවා සපයන රටවල් සහ සමාගම් වෙත එල්ල කරන පීඩනය ඇමරිකානු රජය විසින් තීව්ර කර තිබේ.
සාමාන්‍යයෙන් මෙම නෞකා ඉරාන බොර තෙල් මැලේසියාව ආසන්න ජාත්‍යන්තර ජල තීරය වෙත ප්‍රවාහනය කරන අතර, එහිදී චීන පිරිපහදු මධ්‍යස්ථාන වෙත යැවීමට පෙර එම තෙල් වෙනත් නෞකා වෙත මාරු කරනු ලැබේ. තෙල් බෑමෙන් පසු, ඊළඟ තෙල් තොගය රැගෙන ඒම සඳහා එම නෞකා නැවත ඉරානය බලා යාත්‍රා කරයි. කෙසේ වෙතත්, ඇමරිකානු අවහිර කිරීම් සහ පුළුල් කරන ලද සම්බාධක හේතුවෙන් මෙම ක්‍රියාවලියට බාධා එල්ල වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස හිස් නෞකා කිහිපයකට ඉරාන වරායන් වෙත ආපසු යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ.
මෙම නෞකා එක්රොක් වී ඇති ස්ථානවලින් එකක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇත. ශ්‍රී ලංකාවේ භෞමික ජල සීමාවෙන් පිටත, සුවිශේෂී ආර්ථික කලාපය ආසන්නයේ ඉරාන ධජය සහිත නෞකා තිබෙයි. මෙම නෞකා භෞමික ජල සීමාවෙන් පිටත රැඳී සිටීම හේතුවෙන් ඒවා කෙරෙහි රටට ඇති අධිකරණ බලය සීමාසහිත බව පෙන්වා දෙන ශ්‍රී ලංකා බලධාරීන්, එම නෞකා පිළිබඳව දිගින් දිගටම නිරීක්ෂණය කරමින් සිටී.
නැව් නියෝජිතයින් ශ්‍රී ලංකා සමාගම්වලින් ආහාර, ඉන්ධන සහ අනෙකුත් සැපයුම් ලබාගෙන ඇති බව වාර්තා වේ, නමුත් එක්සත්
ජනපද සම්බාධක පැනවීමේ විභවය හේතුවෙන් සමහර සැපයුම්කරුවන් සහාය වීමට මැලි වී ඇත. එක්සත් ජනපද පීඩනය ඉරානයට සම්බන්ධ යාත්‍රාවලට බොරතෙල් ප්‍රවාහනය කිරීම සහ ඉරාන වරායන් වෙත ආරක්ෂිතව ආපසු යාම වඩ වඩාත් දුෂ්කර කර ඇත.
වෝල් ස්ට්‍රීට් ජර්නල් ඇසුරෙනි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
