ලංකාවේ 9 වැනි විධායක ජනපති ලෙස අනුර දිවුරුම් දෙයි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද (21දා) උදේ 7.00 සිට ආරම්භ වූ අතර සවස 4.00 දක්වා තම ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලැබෙයි.
ඡන්ද පොළ වෙත යන විට මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කර තිබෙන වලංගු අනන්‍යතා ලේඛන 09න් එකක් එනම්, පුද්ගලයන් යාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන ජාතික හැඳුනුම් පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත(විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද), වැඩිහිටි හැඳුනුම්පත ( ප්‍රා දේශීය ලේකම් කාර්යාලයෙන් නිකුත් කළ), පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද පූජ්‍ය පූජක හැඳුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ජාතික හැඳුනුම් පතේ තොරුතුරු තහවුරු කිරිමේ ලිපිය, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත හෝ ආබාධිත තැනැත්තන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත රැගෙන යන ලෙස කොමිෂන් සභාව දන්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
