නව කොවිඩ් වයිරසය අදාළ PCR පරීක්ෂණ සිදුකරමින් තිබෙන බවත් මෙතෙක් වාර්තා වී තිබෙන රෝගීන්ගේ සංඛ්‍යාව අද (04දා) දිනයේදී ප්‍රකාශයට පත් කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.
රෝගීන් පරික්ෂණ කිරීම ඉහළ දමා තිබෙන අතර පසුගිය දිනවල අග්නිදිග ආසියානු රටවල් කිහිපයක මෙම කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් වාර්තා වී තිබූ බවත් එම අවස්ථාවෙහිදම මෙරට වසංගත රෝග ඒකකය හා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිළිබඳව අවධානය යොමු කරමින් ලෝකයේ අලුත් තත්ත්වය පිළිබඳව සොයා බැලූ බවත් ඔහු පවසා සිටියේය.
මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය සමගත් නිරන්තරයෙන් සාකච්ඡා කරමින් පවතින බවත් මෙවැනි තත්තවයකට මුහුණ දීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් වැදගත් බවත් මේ අනුව පී සී ආර් පරීක්ෂණ ප්‍රමාණය ඉහළ දමා තිබෙන බවත් රෝගීන් වාර්තාවන ප්‍රමාණය අනුව ඊළඟ තීරණය ගන්නා බවත් සඳහන් කළේය.
එසේ නොමැතිව ආවට ගියාට තීන්දු ගැනීමට නොහැකි බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධනත්වයෙන් අදාළ නිලධාරීන් නිරන්තරයෙන් රැස්වෙමින් තීන්දු ගනිමින් සිටින බවත් ඇමතිවරයා පැවසීය.