ලංකාවේ ජනගහනයෙන් සෑම පුද්ගලයින් 05 දෙනෙකුගෙන් එක් පුද්ගලයෙකු කිසියම් බෝනොවන රෝගි තත්ත්වයකින් පෙළෙන බව අනාවරණය වි ඇති බැව් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත්කොට ඇති අවසන් ජන හා නිවාස සංගණන වාර්තාවේ සදහන් වේ.
මෙරට සමස්ත ජනගහනයෙන් අවම වශයෙන් සියයට 19.2කට එනම් පුද්ගලයින් හතලිස්එක්ලක්ෂ ,අසුපන්දහස්, හත්සියහතලිස්නම දෙනෙකුට (4,185,749) කිසියම බෝනොවන රෝගි තත්ත්වයක් පවතින බවට අනාවරණය වි ඇත.
සමස්ත ස්ත්‍රි ජනගහනයෙන් සියයට 21.8 දෙනෙකු (2,459,890) සහ සමස්ත පුරුෂ ජනගහනයෙන් සියයට 16.4 දෙනෙකු (1,725,859) අවම වශයෙන් එක් බෝනොවන රෝගයකින් පෙළෙන බැව් වාර්තා වි ඇත. පුරුෂයන්ට සාපේක්ෂව ස්ත්රින් අතර බෝනොවන රෝගි තත්ත්වයන් වාර්තාවිම ඉහළ මට්ටමක පවතින බවද සංගණන වාර්තාවේ සදහන් වේ.