ලංකාවේ සරසවි අතරින් පළමු තැන නැවතත් කොළඹට
වෙබොමෙට්‍රික්ස් නවතම විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාවේ පළමු ස්ථානය නැවත වරක් හිමිකර ගැනීමට කොළඹ විශ්ව විද්‍යාලය සමත්ව ඇත. එසේම කොළඹ විශ්ව විද්‍යාලයට ගෝලීයව 1,745 වැනි ස්ථානය හිමිවී ඇත.
එම ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාවේ දෙවැනි ස්ථානය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයටත්, තෙවැනි ස්ථානය පේරාදෙණිය විශ්ව විද්‍යාලයටත් හිමිව තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ගෝලීයව 2,125 වැනි ස්ථානය හිමිකරගෙන ඇති අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලය ගෝලීයව 2,258 වැනි ස්ථානය හිමිකරගෙන ඇත.
මෙම ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අතර සිව්වැනි ස්ථානය හිමිකරගෙන ඇත්තේ රුහුණු විශ්ව විද්‍යාලයත්, පස්වැනි ස්ථානය මොරටුව විශ්ව විද්‍යාලයත් හිමිකරගෙන තිබේ.
නවතම වෙබොමෙට්‍රික්ස් ශ්‍රේණිගත කිරීමට අනුව ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලයට හිමි පළමු වැනි ස්ථානය ඇමෙරිකාවේ හාර්වඩ් විශ්ව විද්‍යාලය හිමිකර ගෙන ඇති අතර දෙවැනි ස්ථානය ඇමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට හිමිව ඇත. එසේම තෙවැනි ස්ථානය ඇමෙරිකාවේ එම්.අයි.ටී විශ්ව විද්‍යාලය හිමිකරගෙන අතර සිවුවැනි ස්ථානය බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය හිමිකර ගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

