ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් ස්ථාපිත කිරීමට යෝජනා කර තිබෙන ව්‍යවසායකත්ව සංවර්ධන විද්‍යාතනය පිහිටුවීමට කුරුණෑගල ඉදිකර තිබෙන ටෙක්නො පාර්ක් (Techno Park) භුමිය හා ගොඩනැගිල්ල සුදුසුදැයි සොයා බලන ලෙසත්, ඒ පිළිබඳව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයාගේ අවධානයට යොමු කරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඒ ව්‍යවසායකත්ව සංවර්ධන විද්‍යාතනය පිහිටුවීමට සුදුසු ස්ථානයක් ලබා දෙන ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් කෙටි,මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාවෙන් කල ඉල්ලීමට පිළිතුරු ලබා දෙමිනි.
මේ පිළිබඳ කරුණු සාකච්ජා වුයේ නාමල් රාජපක්ෂ මහතගේ සභාපතිත්වයෙන් කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනුකාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය මගින් පෙන්වා දුන්නේ ලංකවේ ආර්ථිකයට 50% කට වඩා දායකත්වය ලබා දෙන්නේ කුඩා ව්‍යාපාර බවයි. ව්‍යවසායකත්ව අධ්‍යාපනයක් නොමැති කමින් ලංකාවේ ආරම්භ කරන ව්‍යාපාරවලින් 85% ආරම්භයේදීම වැසී යනබව පර්යේෂණ වලින් අනාවරණය වී තිබෙන බවද විශ්ව විද්‍යාල නිලධාරීහු මෙහිදී ප්‍රකාශ කළහ.
ඒ අනුව ව්‍යවසායකත්ව සංවර්ධන විද්‍යාතනයක් පිහිටුවීම ඔස්සේ මෙරට පුද්ගලයින්ට ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් විධිමත් අධ්‍යාපනයක් ලබා තමන්ගේ ව්‍යාපාර වැඩි දියුණු කර, රටේ ආර්ථිකයට දායක වීමට හැකියාව ලැබෙන බව එම නිලධාරීහු පැවසූහ.
මෙහිදී සභාපතිවරයා මෙම ව්‍යවසායකත්ව විද්‍යායතනයකට බඳවා ගන්නා ආකාරය ප්‍රශ්න කළේය. ඒ අනුව උසස්පෙළ විභාගය සමත්වීම හෝ Z ලකුණ මත පදනම්ව මේ සඳහා සිසුන් ඇතුලත් කර නොගතයුතු බවයි කමිටුවේ මතය වුයේ.
ව්‍යවසායකත්ව සංවර්ධනය ගැන ලොව පුරා විධිමත් ආකාරයෙන් ක්‍රියාත්මක වන ආයතන ගැන අධ්‍යනය කර ඒවායෙන් ලබාගත හැකි දේවල් සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසද සභාපතිවරයා බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
