ලංකාවේ රන් ඉන්දියාවට පන්නන්න ගිය ඉන්දිය ජාතිකයෙක් අල්ලයි
රුපියල් කෝටි තුනක් පමණ වටිනා රන් බිස්කට් තොගයක් තම කළිසම් සාක්කුවේ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළ සංක්රමණික මගී පර්යන්තයේ ( Transit Terminal ) රැදී සිටි ගුවන් මගියෙකු 09/07 දින පස්වරුවේ ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු 29 හැවිරිදි නිතර නිතර ගුවන් ගමන් වල නිරත වන ඉන්දීය ජාතික ව්යාපාරික ගුවන් මගියෙකි .
ඉකුත් 09/06 දින ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණ තිබූ මොහු 09/07 දින පස්වරු 02.10 ට ඉන්දියාවේ බැංගලෝර් වෙත පිටත්ව යාමට නියමිත ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ. - 1150 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මොහු පිටත්වීමේ පර්යන්තයේ සිට සංක්රමණික ගුවන් මගී පර්යන්තය වෙත ගොස් සිටියදී , මොහු ඇද සිටි කළිසමේ සාක්කුවක් තුළ , කුඩා බෑගයක බහා කිලෝ ග්රෑම් 01 යි ග්රෑම් 158 ක් බරැති රන් බිස්කට් 09 ක් සහ තවත් රන් බිස්කට් කැබළි 03 ක් සගවා ගෙන සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
මේ වනවිට මෙම පුද්ගලයා සහ ඔහු සන්තකයෙහි තිබූ රන් බිස්කට් , මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

