ලංකාවේ මරණ වලින් විශාල ප්‍රමාණයක් දුම්කොළ හා මත්ද්‍රව්‍ය නිසයි
දුම්කොළ හා මත්ද්‍රව්‍යවලට විරුද්ධ වීම අපේ සංස්කෘතියේ අංගයක් වුවත්, ඊට විරුද්ධව කෙතරම් සංවිධානාත්මකව ප්රචාරක ක්‍රම දියත්වුවත්, මත්ද්‍රව්‍ය, මත්වතුර සහ දුම්වැටි සමාජ ගත කිරීම අතිශය මනෝ විද්‍යානුකූලව, සංවිධානාත්මකව සහ විශාල මුදලක් ආයෝජනය කර අඳාළ සමාගම් සිදුකරන බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමුකර දුම්කොළ හා මධ්‍යසාර පිළිබදව මීට වඩා දැඩි පාලනයක් අවශ්‍ය බව, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අවධාරණය කරයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේ දුම්කොළ හා මද්‍යසාර පිළිබද ජාතික අධිකාරිය විසින් සංවිධානය කරන ලද ත්‍රෛයිමාසික දුම්කොළ හා මත්ද්‍රව්‍ය වැළැක්වීම පිළිබද මනෝ උපදේශණ සහතිකපත්‍ර පාඨමාලාව සාර්ථකව නිමකරන ලද සහතිකපත්‍රලාභීන් පනස්දෙනෙකු සදහා සහතිකපත් ප්රදානය කිරීමේ උත්සව අවස්ථාවට පසුගිය දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වමිණි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය නියොජ්‍ය අමාත්‍යවරයා මෙරට සිදුවන මරණ විශාල සංඛ්‍යාවකට මෙන්ම, විශාල රෝග ප්‍රමාණයකට මත්පැන්, මත්ද්‍රව්‍ය සෘජුව බලපාන බැවින් සෞඛ්‍ය අමාත්‍යාශයේ වැය ශීර්ෂයෙන් විශාල මුදලක් මේ සදහා වැය කිරීමට සිදුව ඇතිබවත්, එමෙන්ම මෙරට සිදුවන අනතුරුවලින් විශාල ප්‍රමාණයකට ද මත්වතුර, මත්ද්‍රව්‍ය මුලික හේතුවක් වන බව ද පැවසීය.
මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ සෑම අංශයක්ම විශ්ලේෂණය කර බැලීමේ දී රෝහල් ගතවන රෝගීන්ගෙන් සැලකියයුතු ප්‍රමාණයක් ඔවුන් රෝහල් ගතවීමට ඍජුවම දුම්කොළ සහ මත්ද්‍රව්‍ය හේතුකාරක වී ඇති අතර ඒ හේතුවෙන් මෙරට රජයේ රොහල්වල ඇදන් ධාරිතාවයෙන් විශාල ප්‍රමාණයක් මේසදහා වැයකර තිබෙන බව ද පැවසීය.
එමෙන්ම අපයෝජනය, මානසික සෞඛ්‍ය ගැටළුව වැනි කාරණයකදී වුව ද මත්වතුර, මත්ද්‍රව්‍යවල සෘජු හෝ වක්‍ර බලපෑම් බහුලව සිදු වී ඇති බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම තත්වයන් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැඩි අභියෝගයක් බව ද අවධාරණය කර සිටියේය.
පාසල්වල මුල් කාර්තුවේ දී පවත්වන මහා ක්‍රිකට් තරඟ ආදී දේවල් දුම්කොළ හා මත්ද්‍රව්‍ය සමාගම් විසින් ඉතා සූක්ෂමව අදාළ දෑ ප්‍රවර්ධනයට පාවිච්චිකරන බව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙන ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

