ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලිය සඳහා ඉන්දීය රජයේ සහ තමන්ගේ උපරිම සහයෝගය ලබා දෙන බවට එරට මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ප්‍රකාශ කරයි.
ඊයේ (20දා) පස්වරුවේ ඉන්දීයාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මොරගොඩ මහතා, නවදිල්ලියේ පිහිටි මුදල් අමාත්‍යාංශ කාර්යාලයේදී විදේශ අමාත්‍යවරිය හමුවූ අතර ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථීක අර්බුදකාරී වාතාවරණය මැද මුදල් අමාත්‍යවරිය මුණ ගැසී ද්වී පාර්ශවික සහයෝගීතාවය ගැන මෙහි දී සාකච්ඡා කර ඇත.
ඉකුත් මැයි 27 වැනිදා මුණ ගැසුණ අවස්ථාවේ දී ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙන සහය සහ යල කන්නයේ වී ගොවිතැනට අවශ්‍ය කරන යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් කඩිනමින් ආනයනය කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කරන ලද අතර එම ඉල්ලීම පිලිිගෙන පොහොර ආනයනය සඳහා පමණක් වෙනම ඩොලර් මිලියන 55 ක වෙනම ඉන්දීය ණය මාර්ගයක් කඩිනමින් සකස් කිරීම පිළිබඳවත් මහ කොමසාරිස් මොරගොඩ මහතා අමාත්‍ය සීතාරාමන්මහත්මිය වෙත මෙහි දී වෙත නැවත වරක් සිය කෘතඥතාව පළ කළේය.
ශ්‍රී ලංකාවේ ආර්ථීකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලිය සඳහා සිය අමාත්‍යංශයේ පූර්ණ සහයෝගීතාව පිළිබඳව මහ කොමසාරිස් මොරගොඩ මහතා වෙත කරුණු දක්වන ලද මුදල් අමාත්‍යවරිය දුෂ්කර කාල පරිච්ඡේදය පසුකර සිය ජනතාවගේ ද සහාය මත ඉතා ඉක්මනින් රට යථා තත්ත්වයට පත් වනු ඇතැයි විශ්වාසය පළ කළාය.
ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කිරීම සහ යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉන්දීය ආධාර වැඩ පිලිවෙලෙහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර් සහ මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහත්වරු අතර සාකච්ඡාවක් ද මෙදින ම පෙරවරුවේ පැවැත්විණි.
