ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමේ අපේක්ෂාවෙන් මේ වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ රැස්වීමක් සංවිධානය කිරීමට ජපානය කටයුතු කරමින් සිටින බව ජපාන මාධ්‍ය වාර්තා කරයි.
හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා සැප්තැම්බර් මස අගදී ජපානයේ කළ සංචාරයකදී ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති ෆුමියෝ කිෂිඩා ඇතුළු පිරිස සමඟ පැවති සාකච්ඡා අනුව මෙම රැස්වීම සංවිධානය කෙරෙයි.
ණය ගෙවීම් අඩු කිරීම සහ ආපසු ගෙවීමේ කාලසීමාවන් කල් දැමීම සඳහා වන ක්‍රියාමාර්ග පිළිබඳව මෙම රැස්වීමේදී අවධානය යොමු කිරීමට අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 46.6 ක් වූ අතර එය එහි දළ දේශීය නිෂ්පාදිතයෙන් 70% ක් පමණ වේ.
ශ්‍රී ලංකාවට ණය දෙන්නන් 20කට වැඩි සංඛ්‍යාවක් සිටින අතර, චීනය ඩොලර් බිලියන 7.3ක්, ජපානය ඩොලර් බිලියන 2.7ක් සහ ඉන්දියාව ඩොලර් බිලියන 1.7 ලෙස ලැයිස්තුවේ ඉහළින්ම සිටී.