ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැමැති බව ඉන්දියාව අයි.එම.එෆ්. වෙත කියයි
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මට සහය දෙන බව ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) පවසා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙත ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9ක මූල්‍ය පහසුකම වෙනුවෙන් මෙය සුබදායක ලකුණක් වෙනු ඇත.
ඉන්දියාව මේ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිඛිතව දන්වා ඇතැයි නම් හෙළි නොකරන මූලාශ්‍රය රොයිටර් පුවත් සේවයට සඳහන් කර තිබේ.
ඉන්දියාවේ මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් මේ සම්බන්දෆයන් අදහස් දැක්වීම ප්රතික්ෂේ කර තිබේ. එසේම ප ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයද මේ සම්බන්ධයෙන් වහාම ප්‍රතිචාර දැක්වීමක් සිදු නොකළ බවත් එම පුවත් සේවය පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලිනේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය ලබා ගැනීමට නම් ශ්‍රී ලංකාව තම බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යායු යුතු අතර එහිදී ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වීය ණය හිමියන් වන චීනයේ සහ ඉන්දියාවේ සහාය ඉතාමත් තීරණාත්මක සාධකයක් බවට පත්ව තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ද්විපාර්ශ්වික ණය දෙන්නන් තිදෙනෙකු වන චීනය, ජපානය සහ ඉන්දියාව සම්බන්ධ කර ගනිමින් ඒකාබද්ධ සාකච්ඡා පැවැත්වීමේ වැදගත්කම IMF අවධාරණය කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

