ලංකාවේ ණය කන්ද රු.බි. 29 660ක් දක්වා ඉහළට
රජය විසින් මෙම වර්ෂයේ (2025) අගෝස්තු මාසය අවසානයට ගෙවිය යුතු සමස්ත රාජ්ය ණය ප්රමාණය රුපියල් බිලියන 29,660.22ක් බැව් ශ්රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
ජුලි මාසය අවසානය වනවිට ගෙවිමට තිබු සමස්ත රාජ්ය ණය ප්රමාණය රුපියල් බිලියන 29,862.51කි.. ඒ අනුව මෙම වර්ෂයේ ජුලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේ දි ගෙවිය යුතු සමස්ත රාජ්ය ණය ප්රමාණය රුපියල් බිලියන 202.29කින් අඩුවි ඇත
එමෙන්ම මෙම වර්ෂයේ අගෝස්තු මාසය වනවිට ගෙවිය යුතු සමස්ත දේශිය ණය ප්රමාණය රුපියල් බිලියන 18,679.49ක්වු අතර . ජුලි මාසය අවසානයට ගෙවිය යුතු දේශිය ණය ප්රමාණය රුපියල් බිලියන 18,944.36කි.ඒ අනුව ජුලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේ දි ගෙවිය යුතු දේශිය ණය ප්රමාණය ද රුපියල් බිලියන 264.87කින් අඩුවි ඇත.
2024 වර්ෂය අවසානය වනවිට ගෙවිය යුතු සමස්ත රාජ්ය ණය ප්රමාණය රුපියල් බිලියන 28,738.70 ක් වු අතර මෙම වර්ෂයේ මුල්මාස අටට ගෙවිය යුතු සමස්ත ණය ප්රමාණය වැඩි වි ඇත්තේ රුපියල් බිලියන 921.52කින් බවද මහබැංකු වාර්තාවේ සදහන් වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

