ලංකාවේ කොවිඩ් මර්දනයට චීනයෙන් සහාය
සෞඛ්‍යය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා චීන රජයේ නව ශ්‍රී ලංකා තානාපති කී ෂෙන්හොන් මහතා අතර විශේෂ හමුවක් අද (25දා) චීන තානාපති කාර්යාලයේ දී පැවැත්විණි.
මෙහිදී දෙරට අතර පවතින මිත්‍රත්වය හා දැනට රටවල් දෙකෙහි පවතින කොවිඩ් - 19 වසංගත තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන ලදී. ශ්‍රි ලංකාවේ පවතින කොවිඩ්- 19 වසංගතය මර්දනය කිරීමට අවශ්‍ය සෑම සහයක්ම ලබාදීමට කටයුතු කරන බවද චීන තානාපතිවරයා ප්‍රකාශ කරන ලදී.
මෙම අවස්ථාවට චීන තානාපති කාර්යාලයේ වෙළඳ කටයුතු පිළිබඳ කොන්සල්වරයා වන ලී ගුවන්ජුන් මහතා සහ සෞඛ්‍ය අමාත්‍යවරියගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න මහතා ඇතුළු පිරිසක් එක්වූහ.

popular news
-
anon69 Wednesday, 25 November 2020 09:13 PM
Thamange Coloniyata Thaman slakanda epaya.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
