මෙරට විවාහක කාන්තාවන්ගෙන් සියයට 10.6කට දරු උපත් සිදුවි නොමැති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත්කොට ඇති ජන හා නිවාස සංගණනය පිළිබද අවසන් වාර්තාවේ සදහන් වේ.
මෙරට විවාහක කාන්තාවන් අතුරින් බහුතරයක් එනම් සියයට 33.3ක් තම ජිවිත කාලය තුල දරුවන් දෙදෙනෙකු පමණක් බිහිකොට ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ. එමෙන්ම වතු ග්‍රාමිය අංශයේ පදිංචි කාන්තාවන් පිළිබද සැලකිමේ දි එම කාන්තාවන්ගේ වැඩිම ප්‍රතිශතයක් දරුවන් තිදෙනෙකු බිහිකොට ඇත. වතු අංශයේ විවාහක කාන්තාවන්ගෙන් සියයට 12.4 ක් දරුවන් බිහිකොට නොමැති බවද මෙම වාර්තාවේ සදහන් වේ.
විවාහක කාන්තාවන්ගෙන් එක් දරුවෙකු පමණක් බිහිකළ කාන්තාවන්ගෙන් වැඩිම ප්‍රතිශතයක් නාගරික අංශයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව සියයට 21.3කි.